ජනපති අනුරගේ දිවුරුම් දිමේ උත්සවය ගැන තවත් සටහනක් !
අනුර කුමාර දිසානායක සහෝදරයා අද 9 වන විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන් අවස්ථාව චාම් හා කෙටි වැඩසටහනක් වීම වැදගත් වන මුත් එය දේශපාලනික වශයෙන් එම ව්‍යාපාරය උරුම කරගත් සීමාවන් ප්‍රදර්ශනය කළ අවස්ථාවක්ද විය.
මෙවර ජනාධිපතිවරණයේ දී උතුරු නැගෙනහිර දෙමළ ජනතාව, දෙමළ භාෂාව කතා කරන මුස්ලිම් ජන ප්‍රජාව හා වතුකරයේ මලයාහ ජනතාව අතරින් අතිබහුතරය ජාතික ජන බලවේගයට සිය චන්දය පාවිච්චි කළේ නැත. මාලිමාවෙන් නිරූපණය වුණු දකුණේ ප්‍රගතිශීලී මහජන මතය එකී දෙමළ ජනතාව බෙදා නොගැනීම වනාහී ඔවුන් හුදු ප්‍රතිගාමී දක්ෂිණාංශික කදවුර නියෝජනය කිරීමක් ලෙස සරලව හදුනාගැනීම සාවද්‍යය. හරියටම කිවහොත් එම උතුරු-නැගෙනහිර හා කදුරට දෙමළ ජනතාවගේ බහුතර සහයෝගය මාලිමාවට නොලැබීම තුළ ජවිපෙ/ජාජබ ව්‍යුහාත්මකව නඩත්තු කරන දෘෂ්ටිවාදී පුරුදු ප්‍රමාණයක්ද තීරණාත්මකව බලපා තිබෙයි.
අනුර කුමාර ජනාධිපතිවරයා ජාතිය ඇමතීමේ කතාව දෙමළ භාෂාවෙන් සන්නිවේදනය නොකිරීම යනු තාක්ෂණික දෝෂයකට වඩා ඉහත කී දෘෂ්ටිවාදී අගතියේ ප්‍රකාශනයක් බව කිව යුතුය. අනුර කුමාරගේ හදිසි කාර්‍යබහුලත්වය නිසා එය අමතක වූවා යැයි යමෙකු කියන්නේ නම් එම දෝෂය පෙන්වා දීමට කිසිවකු හෝ ජවිපෙ/ජාජබ තුළ නොමැති වූයේ මන්ද ?
එසේම එම වැඩසටහන තුළ පැවති ඇතැම් බෞද්ධාගමික ප්‍රකාශනයන් මීට වඩා කළමණාකරණය කරගනිමින් ලෞකික රාජ්‍යයක් ගොඩනැගීමේ අපේක්ෂාවන් ආරම්භයේදීම පළ කළ හැකිව තිබිණි. එසේම 80 දශකය තුළ මරා දැමූ සහෝදර පරපුර ගැන අල්ප මාත්‍ර හෝ සිහිකැදවීමක් කිරීමට අනුර කුමාර ජනාධිපතිවරයාට හැකියාවක් තිබිණි.
මේවා හුදු සංකේතාත්මක කරුණු වලට වඩා ඉදිරි දේශපාලන පරිවර්තනයන් සමග ගැඹුරු ලෙස බැදී ඇති අත්‍යවශ්‍ය සාධකයන් බව අමුතුවෙන් නොකිව මනාය.
(විදර්ශණ කන්නන්ගරයේ ෆේස්බුක් පිටුවෙනි )